Saturday, July 4, 2015

2016 අධ්‍යයන වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර පූර්ණකාලීන)

අධ්‍යාපන අමාත්‍යාංශය

2016 අධ්‍යයන වර්ෂය තුළ දී පැවැත්වෙන එක් අවුරුදු පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර* පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීමට තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.


සෑම අයදුම්කරුවෙකු විසින්ම ඔහු/ඇය පහත සඳහන් සුදුසුකම්ඇත්තෙකු බව තහවුරු කළ යුතු ය.
- ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙකු වීම
- 2015.07.24 දිනට වයස අවුරුදු 50 ට නොවැඩි වීම.
- මනා කායික හා මානසික සෞඛ්‍යයෙන් සහ යහපත් චරිතයකින් යුක්ත වීම
- පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු වීම
- පහත දැක්වෙන සේවාවලට අදාළ තනතුරක ස්ථිර පත්වීමක් ලබා සේවය කිරීම 
  • ශ‍්‍රීලංකා ගුරු සේවය
  • ශ‍්‍රී ලංකා පෞද්ගලික පාසල් ගුරු සේවය
  • ශ‍්‍රී ලංකා පරිවේනාචාර්ය සේවය
  • ශ‍්‍රී ලංකා විදුහල්පති සේවය
  • ශ‍්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය
  • ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය

- 2015.07.24 වැනි දිනට දක්වා ඇති සේවාවකට අයත් තනතුරක උපාධිධාරියෙකු ලෙස අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

සැලකිය යුතුයි :-
1. ජාතික ශීක්ෂණ විද්‍යා ඩිප්ලෝමා පත්වීම් ලබා ඇති ගුරුවරුන් 2015.07.24 වැනි දිනට තම පත්වීමේ බැඳුම්කරයේ කාලසීමාව වන අනිවාර්ය පස් අවුරුදු සේවා කාලය සම්පූර්ණ වී තිබේ නම් පමණක් අයදුම් කිරීමට සුදුසුකම් ලබනු ඇත.

2. අධ්‍යයන නිවාඩු ලබා බැඳුම්කරයට යටත්ව සිටින අයදුම්කරුවන් 2015.07.24 වැනි දිනට බැඳුම්කරයේ සඳහන් අනිවාර්යය සේවා කාලය අවසන් කළ හෝ එසේ නොමැති නම් ඉන් අවුරුදු පහක්වත් සම්පූර්ණ කර
තිබේ නම් පමණක් අයදුම් කිරීමට සුදුසුකම් ලබති.

3. අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඉල්ලූම්
කළ නොහැකිය.

Closing Date 2015-07-24
Sinhala
http://archives.dailynews.lk/2001/pix/GazetteS15-06-26.pdf
Tamil 
http://archives.dailynews.lk/2001/pix/GazetteT15-06-26.pdf

0 comments:

Post a Comment