Tuesday, November 18, 2014

Annual General Meeting 2014

SLEAS Professionals Association AGM will be held at Royal College on 28th Nov. 2014 (Friday) at 9.30am. Chief guest Mr. Anura Disanayaka (Sec. Ed.). All members and new officers are kindly requested to participate. P.N. Ilapperuma / Chairman, Premasiri Epa / Sec.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2014 නොවැම්බර් මස 28 වන සිකුරාදා දින උදෑසන 9.30 ට කොළඹ රෝයල් විද්‍යාලයේ දී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය...  සියලූම සමාජිකයින්ට හා නවක අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ට මේ අවස්ථාව සදහා සහභාගීවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ගරු සභාපති 
පී.එන්.ඉලේපෙරුම

ගරු ලේකම්
ප්‍රේමසිරි ඈපා

Saturday, October 18, 2014

Master of Education Degree Programm -2015/2016

Applications are invited for the Master of Education Degree programm conducted by the National Institute of Education Maharagama.

Target Group:

  • Sri Lanka Teacher Service (SLTS)
  • Sri Lanka Principal Service (SLPS)
  • Sri Lanka Teacher Educator Service (SLTES)
  • Sri Lanka Education Administrator Service (SLEAS)
  • The Principals & Teachers of Pirivenas or Government approved schools The Academic officers of the National Institute of Education or  government approved Educational Institutes
Required Qualifications:

  • A Post Graduate Diploma in Education with a minimum 05 ‘B’ Passes or 
  • A Bachelor of Education Degree with a minimum 05 ‘B’ Passes or
  • A First Degree with a class and a Post Graduate Diploma in Education and Below 52 years of age on the date of closing of application
Nature of the Course:

  • Part time ( Week ends and School holidays )
Course duration:

  • 18 months
Medium:

  • The course is conducted in 03 media.( Sinhala/Tamil/ English Medium)
  • Medium & Instruction of the programme will be decided by the institution upon finalizing the number of qualified candidates available for each center.



Saturday, September 6, 2014

අධ්‍යාපන කාර්යාලවලට පරිපාලන නිලධාරීන් යෙදවීම හෙවත් අධ්‍යාපන පරිපාලන සේවය වාෂ්ප කිරීම

අධ්‍යාපන කාර්යාලවල පරිපාලන කටයුතු විධිමත් කිරීම මැයෙන් යුතුව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ සම සභාපතිවරුන් වන එම්. එන්. ජුනයිඩ් හා සාලිය ඩබ්ලිව්. මැතිව් යන මහත්වරුන් විසින් ජනාධිපති ලේකම් වෙත ලිපියක්‌ යවනු ලැබ ඇත. මෙමගින් අපේක්‍ෂිත මූලික අරමුණ වන්නේ කලාප අධ්‍යාපන කාර්යාලවල හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල පවතින, දැනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට අයත් ජ්‍යෙෂ්ඨ තනතුරුවලට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පත්කිරීම වේ. මෙම පියවර සාධාරණීකරණය කිරීමට ඔවුන් විසින් ගෙනහැර දක්‌වා තිබෙන කරුණු පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට පෙර ශ්‍රී ලංකා පරිපාලන සේවය සම්බන්ධයෙන් හා අනෙක්‌ සමාන්තර සේවා යම් කරුණු කිහිපයක්‌ ගෙනහැර දැක්‌වීම පොදුවේ ප්‍රයෝජනවත් වේ.

දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවය ලෙස හඳුන්වනු ලබන නිලධාරී සේවය ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසිනි. මෙය සමාන්තර සේවා නමින් වර්තමානයේ හඳුන්වනු ලබන සේවාවන් අතරින් පළමුවැන්න විය. එකල එහි නම ලංකා පරිපාලන සේවය (CAS) නම් විය. මෙරටින් ආදායම් එකතු කර ගැනීම හා යටත් විජිත පාලකයන්ට අවශ්‍ය පරිදි ඔවුනට පක්‍ෂපාතව මෙරට පාලනය ගෙන යැමට සහාය ලබා ගැනීම මෙම සේවය පිහිටුවීමේ මූලික පරමාර්ථ විය. නිදහස ලැබීමෙන් පසු කලක්‌ ගතවනතුරුත් මෙම තත්ත්වය මෙසේම පැවැතිණි. දැනට ප්‍රදේශීය ලේකම් යනුවෙන් හඳුන්වනු ලබන තනතුර කලින් ප්‍රාදේශීය ආදායම් නිලධාරි (DRO) යනුවෙන් හඳුන්වනු ලැබීමෙන් මෙම කරුණ පැහැදිලි වේ.

නිදහස ලැබීමෙන් පසු රට සංවර්ධනය කිරීම සඳහා විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥ දැනීමක්‌ ඇති කාර්ය මණ්‌ඩලවල අවශ්‍යතාව තුදින් දැනී ගිය හෙයින් පසුව විවිධ අවස්‌ථාවල දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට සමාන්තර ශ්‍රී ලංකා වෛද්‍ය සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය වැනි සේවාවන් පිහිටුවනු ලැබිණි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ට නොමැති විශේෂඥ දැනුම මෙම සේවාවන්ට අයත් නිලධාරීන් මගින් රටේ සංවර්ධනයට යොදවා ගැනීම මෙහි පරමාර්ථය විය. එසේ වුවද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට ඇති සාමාන්‍ය පරිපාලන හා කළමනාකරණ දැනීම සෙසු සමාන්තර සේවාවන්හි නිලධාරින්ට නොමැත යන මතය සහමුලින්ම පදනම් විරහිතය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයට නිලධාරින් බඳවා ගැනීමේ ප්‍රධාන ක්‍රම තුනකි. පළමුවැන්න විවෘත තරග විභාගය මගින් බඳවා ගැනීමයි. කිසියම් නිශ්චිත වයස්‌ සීමාවකට අඩු වයසක්‌ ඇති උපාධිධාරීන්ට තරග විභාගයන් මගින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්වීමට මෙමගින් අවස්‌ථාව සැළසේ, දෙවැන්න සීමිත තරග විභාගයයි. යම් අවම සේවා කාලයක්‌ සම්පූර්ණ කළ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ (කලින් ලිපිකරු සේවයේ) කාර්ය මණ්‌ඩලවලට විභාගයක්‌ සමත්වීම මගින් මේ දෙවන ක්‍රමය හරහා ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්වීමට හැකි වේ. තෙවැන්න ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව පදනම් කරගෙන සම්මුඛ පරීක්‍ෂණයක්‌ මගින් ඇතුළත් වීමයි. මෙය රාජ්‍ය කළමානාකරණ සහකාර සේවයේ තනතුරු දරන ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්‌ඩලවලට හිමි අවස්‌ථාවකි.


ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයද මීට බොහෝ සෙයින් සමාන වේ. විවෘත තරග විභාගය මගින් බඳවා ගැනීමේ ක්‍රමය නොවෙනස්‌ව අධ්‍යාපන පරිපාලන සේවය සඳහා ද පවතී. අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත තරග විභාගයට ඉල්ලුම් කළ හැකිවන්නේ යම් අවම සේවා කාලයක්‌ ඇති පුහුණු උපාධිධාරි ගුරුවරුන්ට හා පුහුණු ගුරුවරුන්ටය. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරු දරන විදුහල්පතිවරුන්ට තෙවැනි ක්‍රමය මත ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව පදනම් කරගෙන සම්මුඛ පරීක්‍ෂණයක්‌ මගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත්වීමට අවස්‌ථාව සැළසේ. සේවයේ ස්‌වභාවය අනුව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීහු සාමාන්‍ය සේවක සංඛ්‍යාව හා විශේෂ සේවක සංඛ්‍යාව යනුවෙන් කාණ්‌ඩ දෙකකට වර්ග කෙරෙති. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි පාසල් විෂය මාලාවේ විෂයයන් සංවර්ධනය භාරව කටයුතු කරන නිලධාරීන්, ගුරු විද්‍යාල කථිකාචාර්යවරුන් ආදීන් විශේෂ සේවක සංඛ්‍යාවට අයත් වන අතර විදුහල්පතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් ආදීහු සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් වෙයි. කලාප කාර්යාලවල හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල ආයතන කටයුතු (පෞද්ගලික ලිපිගොනු කටයුතු) භාරව සිටින්නේ ද බොහෝ විට සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් නිලධාරීන්ය.

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ සම සභාපති දෙපළ තම ලිපියෙන් ඉල්ලා ඇති කාරණය තහවුරු කිරීමට මූලික තර්ක දෙකක්‌ ගොඩනගති. පළමුවැන්න නම් විශේෂ සේවක සංඛ්‍යාවට අයත් නිලධාරීන් පසුව සාමාන්‍ය සේවක ගණයේ නිලධාරීන්ට අයත් තනතුරුවලට (විශේෂයෙන් පෞද්ගලික ලිපිගොනු කටයුතු භාරව) පත්කරන ලද අවස්‌ථාවල දී ඔවුන් පරිපාලනය පිළිබඳ මනා පුහුණුවක්‌ ලබා නැති හෙයින්, කළමනාකරණ සහකාර කාර්ය මණ්‌ඩලය (ලිපිකරුවන්) මත යෑපෙන්නට ඔවුන්ට සිදු වී ඇති බව නිරීක්‍ෂණය වී ඇති බවයි. මෙම නිරීක්‍ෂණ කවුරුන් විසින් කවර ආකාරයෙන් කරන ලද්දේදැයි පැහැදිලි නැති අතර ඒවා බෙහෙවින් සාවද්‍ය බව ද පැවැසිය යුතුය. දෙවැන්න ගුරු ආයතන කටයුතු හා අනෙකුත් සුබ සාධන කටයුතු කෙරේ අඩු අවධානයක්‌ යොමු කරන බවත් ඒවා ද කළමනාකරණ සහකාර කාර්ය මණ්‌ඩලයට ඕනෑ හැටියට කරන්නට ඉඩ හැර ඇති බවයි. සුබ සාධන කටයුතු යනුවෙන් අදහස්‌ කරන්නේ දසමස්‌ වැටුප් ණය ලබාදීම, නිවාස / දේපළ ණය ලබා දීම, හිඟ වැටුප් ගෙවීම ආදිය යෑයි අපි සිතමු. මෙයින් පළමුවැන්න අතිශයෝක්‌තියෙන් යුතුව පවසන්නකි. කිසියම් ගැටලුවක්‌ විස¹ ගැනීමට යමෙක්‌ පැමිණි විට අදාළ විෂය භාර ලිපිකරු ගෙන්වා කරුණු විමසා ඊට අනුව පිළිතුරු සැපයීම හා අවශ්‍ය පියවර ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කච්ෙච්රි ඇතුළු වෙනත් රජයේ ආයතනවල සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ගේ ද සිරිතයි. එවැනි අත්දැකීම් අපට ද ඇත. අධ්‍යාපන කාර්යාලවල ද ඊට වඩා අමුතු දෙයක්‌ සිදු නොවේ. කිසියම් රාජකාරි විෂයයක්‌ භාරව සිටි නිලධාරියකු වෙනත් විෂයයකට අදාළ තනතුරකට පත් කළ විට එම නව තනතුරේ රාජකාරිවලට හුරුවීමට මඳ කලක්‌ ගනී. එම කාලය ඇතුළත චක්‍රලේඛ / නීති රීති හා ව්‍යවස්‌ථා අධ්‍යයනය, වෙනත් නිලධාරීන්ගෙන් හා විෂය භාර ලිපිකරුවන්ගෙන් කරුණු විමසා දැන ගැනීම ආදිය මගින් නව තනතුරට අවශ්‍ය විෂය දැනුම ලබා ගැනීම සාමාන්‍ය දෙයකි.

අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් විසින් ගුරු ආයතන කටයුතු හා අනෙකුත් සුබ සාධන කටයුතු කෙරේ අඩු අවධානයක්‌ යොමු කරනු ලබන බව පැවසීම ද මිථ්‍යාවකි. මුලින්ම දසමස්‌ වැටුප් ණය ලබා දීම පිළිබඳ තත්ත්වය සළකා බලමු. ගුරුවරුන්ට වැටුප් ණය ලබා ගැනීමට බොහෝ කල් බලා සිටීමට සිදුවන බව සැබෑවකි. වෙනත් කිසිදු රජයේ සේවකයකුට මෙසේ බලා සිටීමට සිදු නොවන අතර ඔවුනට තමන්ට හිමි මුළු ණය මුදල කප්පාදුවකින් තොරව ලබා ගැනීමට ද හැකිවේ. මීට අමතරව මාස හයකට වරක්‌ ණය මුදලෙන් ආපසු අයකරගත් ප්‍රමාණය නැවත ණයක්‌ ලෙස ලබාගැනීමට ද වෙනත් රජයේ සේවකයන්ට හැකිය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තත්ත්වය මීට වෙනස්‌ වීමට හේතුව දෙලක්‍ෂ විසි දහසක්‌ පමණ වන ගුරු, විදුහල්පති සංඛ්‍යාවේ ණය ඉල්ලුමට සරිලන මුදල් ප්‍රතිපාදන රජයෙන් ෙනැලැබීමයි. මේ නිසා ණය ලැබීමට සුදුසුකම් ලබන ගුරුවරුන්ට දිගු කලක්‌ පොරොත්තු ලේඛනයක රැඳී සිටිනවාට අමතරව ලැබෙන ණය මුදලේ කප්පාදුවකට මුහුණ දීමට ද සිදුවේ. රුපියල් දෙලක්‍ෂයක, තුන් ලක්‍ෂයක වැටුප් ණය මුදලකට හිමිකම් ඇති ගුරුවරයකුට විදුහල්පතිවරයකුට දිගු කලක්‌ බලා සිටීමෙන් පසු ද බොහෝ විට ලැබෙන්නේ උපරිම වශයෙන් රුපියල් පනස්‌ දහසක්‌ පමණි. එයද මුළු සේවා කාලයටම එක්‌වරක්‌ පමණි.

ගුරු හිඟ වැටුප් ගෙවීමේ ප්‍රමාදයද පසු ගිය කාලයේ බොහෝ සෙයින් මහජන අවධානයට ලක්‌විය. ජනාධිපතිවරයා විසින් පවත්වන ලද දීපව්‍යාප්ත ප්‍රගති සමාලෝචන රැස්‌වීම්වලදීද මෙම කරුණ සාක්‌ච්ඡාවට බඳුන් වූ බව වාර්තා වී ඇත. ගුරු වැටුප් ක්‍රම වර්ෂ කීපයක්‌ පසු දාතම් කර සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සෑම ගුරුවරයකුටම පාහේ සැළකිය යුතු මුදලක්‌ හිඟ වැටුප් ලෙස ලැබීමට හිමිකම් ඇතිවිය. ඉඳ හිට හිඟ වැටුප් මුදලක්‌ ලැබීමට හිමිකම් ඇති ගුරුවරයකුට සාමාන්‍ය වැටුප් මුදල් ප්‍රතිපාදනවලින් එම හිඟ වැටුප් මුදල ගෙවීමට හැකි වුවද පද්ධතියේ සියල්ලන්ටම එසේ එකවර හිඟ වැටුප් ගෙවීමට නොහැකිය. ගෙවිය යුතු හිඟ වැටුප් මුදල් ප්‍රමාණයක්‌ ගණන් බලා තිබුණද අතිරේක මුදල් ප්‍රතිපාදන නොලැබීම නිසා ඒවා ගෙවීම පමා විය. සැබෑ තත්ත්වය එසේ වුව ද මෙම ප්‍රමාදයට හේතු වශයෙන් හුවා දක්‌වනු ලැබ ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාලවල සේවය කරන අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ පරිපාලනය නොදන්නාකම හා අකාර්යක්‍ෂමතාවයි. 2011 වර්ෂයේ ලෝක ගුරු දිනයට සමගාමීව ජනාධිපති කාර්යාලයෙන් මෙහෙයෑවුණු වැඩ සටහන යටතේ රජයෙන් මුදල් ලැබුණු හෙයින් ගුරුවරුන් බොහොමයකට කෙටි කලක්‌ ඇතුළත් හිඟ වැටුප් මුදල් ගෙවා අවසන් කරනු ලැබිණි. අවශ්‍ය මුදල් ලැබෙන ආකාරය අනුව සෙසු අයට ද ගෙවා අවසන් කළ හැකිවේ.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ආයතන කටයුතු කිරීමට කලාප අධ්‍යාපන කාර්යාලවලට ඇති පහසුකම් ඌනතාව පිළිබඳව මෙහිදී යමක්‌ පැවැසිය යුතුය. කලාප අධ්‍යාපන කාර්යාලයක පෞද්ගලික ලිපිගොනු කටයුතු භාරව සිටින ලිපිකරුවකුට පෞද්ගලික ලිපිගොනු 350 ක්‌ 400 ක්‌ පමණ පැවරී ඇත. රජයේ වෙනත් කිසිදු ආයතනයක ලිපිකරුවෙකුට මෙතරම් පෞද්ගලික ලිපිගොනු සංඛ්‍යාවක්‌ පැවරීමක්‌ සිදු නොවේ. ගුරු, විදුහල්පති සේවාවන්ට අදාළ විවිධ චක්‍රලේඛ විශාල ප්‍රමාණයක්‌ ඇති හෙයින් ආයතන කටයුතු ද බෙහෙවින් සංකීර්ණ වේ. කිසියම් චක්‍රලේඛයක්‌ පසු දාතම් කර නිකුත් කරනු ලැබුවහොත් ඊට අදාළව වැටුප් සංශෝධනය කිරීම ඇතුළු විශාල වැඩ කොටසක්‌ මෙම ලිපිකරුවන්ට පැවරේ. මේ නිසා ඔවුහු නිරන්තරව අධික රාජකාරි බරකින් මිරිකී සිටිති.

අධ්‍යාපන කලාප බල ප්‍රදේශයකට ප්‍රාදේශීය ලේකම් කාට්‌ඨාස තුනක හෝ හතරක බල ප්‍රදේශ (ඇතැම් විට ඊටත් වැඩියෙන් අතුළත් වේ) එක්‌ කලාපයකට මධ්‍ය වශයෙන් පාසල් 100 ක්‌ පමණ අයත්වේ. එසේ වුවද කලාප අධ්‍යාපන කාර්යාලයකට ලැබෙන වාහන හා ඉන්ධන දිමනා ආදිය ප්‍රාදේශීය ලේකම්වරයකුට ලැබෙන එමට පහසුකම්වලට වඩා බෙහෙවින් අඩුය. බොහෝ අධ්‍යාපන කාර්යාලවලට ඇත්තේ එක්‌ පැරණි වාහනයක්‌ පමණි. දුරකථන පහසුකම් පිළිබඳ තත්ත්වයද මෙසේය. මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන කාර්යාලයක මාසික ඉන්ධන දීමනාව රුපියල් 6,000 ක්‌ වන අතර වාහනයක්‌ ලැබෙන්නේ මසකට සති දෙකක්‌ සඳහා පමණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ගේ සෘජු රාජකාරි වගකීම් ලෙස ගැනෙන පහත කාර්යයන්වල පවතින දුර්වල තත්ත්වයක්‌ කටයුතු පැහැර හැරීමත්, ප්‍රමාදයත් නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සලකා බලමු.

(1) අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ යාවත්කාලීන ජ්‍යෙෂ්ඨතා ලේඛනයක්‌ පවත්වා නොගැනීම - මේ නිසා උසස්‌ වීම් ලබා දීමේ අධික ප්‍රමාදයන් සහ වෙනත් ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වන අතර අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ට අධිකරණයේ පිහිට පැතීමට පවා සිදු වී ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන පන්තියට උසස්‌ කිරීම් 2000 වර්ෂයේ ලබා දුන්නාට පසු නැවත දී ඇත්තේ 2009 දීය. පුරප්පාඩු ගණනාවක්‌ පැවතියද 2009 වර්ෂයට පසු මේ දක්‌වා පළමුවන පන්තියට කිසිදු උසස්‌වීමක්‌ ලබා දී නැත. (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්හට යාවත්කාලීන ජ්‍යෙෂ්ඨතා ලේඛනයක්‌ පවතින අතර අන්තර්ජාලය ඔස්‌සේ ඕනෑම අයකුට එය පරීක්‍ෂා කර බැලිය හැකිය).

(2) රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 6/2006 අනුව සේවා ව්‍යවස්‌ථා සංශෝධනය කර අනුමත කරගත යුතු වුවද වර්ෂ හයක්‌ ගතවී තිබියදීත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්‌ථාව, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා ව්‍යවස්‌ථාව, ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්‌ථාව, ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්‌ථාව සංශෝධනය කර අනුමත කරගැනීමක්‌ මේ දක්‌වා සිදුකර නොමැත. මේ නිසා එම සේවාවල නිලධාරීන්ට උසස්‌වීම් ඇතුළු සේවා වරප්‍රසාද රැසක්‌ අහිමි වී ඇත.

(3) අධ්‍යාපන පරිපාලන සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට, විදුහල්පති සේවයට නිලධාරීන් බඳවා ගැනීම ප්‍රමාද කිරීම. වාර්ෂිකව බඳවා ගතයුතු වුව ද මෙම සේවාවන්ට නිලධාරීන් බඳවා ගනු ලබන්නේ වර්ෂ කිහිපයකට වරකි. මේ නිසා ක්‍ෂේත්‍රයේ විශාල නිලධාරී හිඟයක්‌ පවතී. ඒ හේතුවෙන් මෙම සේවාවන්ට අයත් තනතුරුවල වැඩ බලන පදනමෙන් සේවය කරන විශාල පිරිසක්‌ ද සිටිති. වැඩබලන පිරිස්‌ ස්‌ථිර තනතුරු ඉල්ලා සිටීම හේතුවෙන් උද්ගතව ඇති අර්බුදද ඉමහත්ය.

(4) අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, විදුහල්aපති සේවා උසස්‌වීම් වර්ෂ ගණන් ප්‍රමාද කිරීම නිසා ද උද්ගතව ඇති වෘත්තීය අසහනයන් හා අර්බුද ඉමහත්ය.

(5) අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක හා විශේෂ සේවක ගණ නොසලකා සේවා ව්‍යවස්‌ථාවට පටහැනිව නිලධාරීන් ස්‌ථානගත කිරීම.

(6) අධ්‍යාපන පරිපාලන සේවයේ ව්‍යවස්‌ථාවට පටහැනිව නිලධාරීන් බඳවා ගැනීම (උදාහරණ - විවෘත තරග විභාගය මගින් විෂය අධ්‍යක්‍ෂවරුන් බඳවා ගැනීම)

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරී තනතුරු සංඛ්‍යාව පසුගිය වර්ෂ කිහිපය ඇතුළත විශාල ලෙස වැඩිකරගෙන ඇති බවද නිරීක්‍ෂණය වේ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට අයත් තනතුරක්‌ අලුතෙන් ඇති කිරීමට ඉල්ලූ විට දැඩිව කරුණු සමාලෝචනය කර බොහෝ විට එය ප්‍රතික්‍ෂේප කරන ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ නිලධාරීන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නව නනතුරු ඇති කිරීමේ දී බෙහෙවින් ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බව පෙනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සියලු දෙනාටම වෙන් වශයෙන් සෘජු දුරකථන පහසුකම් ඇති නමුත් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හට සෘජු දුරකථන පසුකම් ඇත්තේ ශාඛාවකට එකක්‌ (නිලධාරීන් ගණනාවකට එකක්‌) බැගිනි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවත්නා යථා තත්ත්වය මෙසේ වේ. ගැටලු යථාර්ථවාදීව හඳුනා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පත් කිරීම මගින් පමණක්‌ එහි ප්‍රාතිහාර්යාත්මක වෙනස්‌කම් ඇතිකළ නොහැකිය. අවස්‌ථා කිහිපයක දී හැර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස දිගටම කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් බව ද සිහිපත් කළ යුතුය. කවදත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් යටතේ පැවැති එහෙත් ප්‍රමාදය හා අකාර්යක්‍ෂමතාව බහුලව පැවැති මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි ආයතන අද කාර්යක්‍ෂම තත්ත්වයට පත්ව ඇත්තේ පරිගණක තාක්‍ෂණය භාවිත කිරීම නිසා බව තේරුම් ගැනීම වැදගත් වේ.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු විසිනි

(උපුටා ගැනීම http://www.divaina.com/2012/05/07/gurusitha01.html )